Home News Latest නව වසරේ ඉලක්ක ජයගනිමු.

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

නව වසරේ ඉලක්ක ජයගනිමු. PDF Print E-mail
Written by Administrator   
Thursday, 05 January 2023 04:21

රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට සියලුම‍ දෙනා කැපවී ක්‍රියාකළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පවසයි.

පසුගිය වසරේදී කටයුතු කළ ආකෘතියෙන් මිදී නව ආකෘතියකට රාජකාරී කරමින් නව වසරේ ඉලක්ක ජයගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ජනවාරි මස 02 වන දිනදී පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

රජය ප්‍රකාශයට පත්කරපු ප්‍රතිඥාව අපි මේ නව වසරෙත් කියවල තමයි වැඩ ආරම්භ කළේ. රාජ්‍ය සේවකයන් වශයෙන් අපි කියවපු මේ ප්‍රතිඥාව අද පමණක් නෙවෙයි ඉතිරි දවස් තුන්සිය හැට හතරෙදිත් ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා.

පසුගිය වසර ආරම්භයෙදි අපිට මෙතරම් අභියෝග තිබුනෙ නැහැ. නමුත් මේ වසර ආරම්භයෙදිම රජය හා ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ලොකු වගකීමක් තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සෑම වචනයක්ම මේ වසර පුරාම අපේ හදවතේ රැදිල තිබෙන්න ඕන. අපිට වැටුප් ලැබෙන්නේ මහජන සේවය ඉටුකිරීම නිසයි. ඒ බව මතක තියාගන්න ඕන. නමුත් අපි සේවය කළ යුත්තෙ ඒ ලබන වැටුපේ ප්‍රමාණයට නෙවෙයි.

මෙම වසරේදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැඩකටයුතු අලුත් ආකෘතියකට ක්‍රියාත්මක කරන්නට සිදුවෙනවා. ඒ නිසා පසුගිය වස‍රේ සේවය කළ ආකෘතියෙන් යම් තරමකට මේ වසරේදි මිදෙන්න සිදුවෙනවා. අලුත් සංවිධාන ව්‍යුහයක් කළමණාකරන සේවා ‍දෙපාර්තමේන්තුවට අපි යෝජනා කර තිබෙනවා.

ඒ අනුව රජය හා මහා භාණ්ඩාගාරය විසින් ලබාදෙන උපදෙස් අනුව කළමණාකරන සේවා දෙපාර්තමේන්තුව කාර්යමණ්ඩල අනුමත කිරීමට ඉදිරි දින කිහිපයේදී කටයුතු කරාවි.අපිට ඉදිරි කටයුතු සිදුකරන්නට වෙන්නේ එම නිළධාරී මණ්ඩලයත් සමඟයි. ඉදිරියේදී තම තමන්ගේ කාරයභාරයන් තමන්ට පුද්ගලිකවම දැනගන්නට ලැබේවි. ඒ අනුව රජයේ අවසන් ඉලක්කය ජයගන්න කැපවී කටයුතු කරන්න අපිට සිදුවෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළගෙන් ලැබෙන උපදෙස් පරිදි මහජනතාවගේ දුක් කඳුළු පිසලන්න වසරේ දින 365 පුරාම ඇප කැපවී අපි ක්‍රියා කරනවා. මහජනතාව වෙනුවෙන් කටයුතු කරද්දි ඇතැම්විට තමන්ගෙන් සිදුවන්නේ ඉතාම සුළු කාර්යයක් වෙන්න පුළුවන්. ඒ සුළු කාර්යය නියමිත වේලාවට ඉටුකිරීමට රාජ්‍ය සේවකයන් වශයෙන් අපි බැඳිල ඉන්නවා.

රට ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් කරන්නට රජය විසින් හඳුන්වාදෙන ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කරන්නට රාජ්‍ය සේවකයන් වශයෙන් අපි බැඳී සිටිනවා.

ඒ නිසා නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේදී කියවපු ප්‍රතිඥාව නැවත කියවන්න. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට තමන්ගේ නිර්මාණශීලී යෝජනා හා දැනුම භාවිතා කරන්න. එවැනි දේවල් රජයට ඉදිරිපත් කරන්න ලේකම්වරයා වශයෙන් මම කටයුතු කරනවා.

මෙම වසරේදී විශේෂ වැඩසටහනක් යටතේ කටයුතු කරන්නට අමාත්‍යංශ ලේකම්වරුන්ට සිදුවෙනවා. යම්කිසි ඉලක්කයක් අනුව කටයුතු කිරීමට හැකිවන අයුරින් අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩ පැවරිය යුතු බව මම පත්වීම බාරගන්නා දිනයේදීත් ජනාධිපති ලේකම්වරයාට පැවසුවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයෙන් සිදුවන සියලුම කාර්යයන් සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මටයි.

ඉලක්කයක් අනුව වැඩකරන්න බැරිනම් සුදුසු පුද්ගලයන්ට තැන දීල අපි අයින් වෙන්න ඕන යැයි ද ඔහු පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මීට සමඟාමීව සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියද නව වසරේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව සිදු කරනු ලැබීය. මෙහිදී සේවක මහත්ම මහත්මීන් වෙත අධිකාරියේ සභාපති නීතීඥ සරණ කරුණාරත්න මහතා අවධාරණය කර සිටියේ මහජනතාව සඳහා කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා සේවයට ඇප කැප වී තමන් වෙත පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටු කරන ලෙසය.

Last Updated on Thursday, 05 January 2023 04:30
 
Copyright © 2024 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner