ඉලක්ක ජය ගත් සහාධිපත්‍ය Print

  දිදුලන අනාගත ඉලක්ක ජය ගත් සහාධිපත්‍ය

.

   සහාධිපත්‍ය නිවාසවාසීන් දැනුවත් කිරීම

  ප්‍රයෝගික ගැටළු පනත් සංශෝධනයෙන් විසඳුම්

   ලොව කොතැනක සිටියත් අප සමඟ

 2011.04.06 වන දින සහාධිපත්‍ය කළමනාකරණ අධීකාරියට සුවිශේෂී වූ දිනයක් . එදින අපගේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ පරිදි කෙෂත්‍රයට වැදගත් ප්‍රධාන ක්‍රියාකාරකම් එලිදැක්වීය .මෙය මෙරට සහාධිපතය ක්‍රෙෂත්‍රයේ නොමැකෙන යෝධ පිම්මක් සනිටුහන් කල අවස්ථිවක් වන අතර මෙම උත්සවය සඳහා අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නිලධාරීන්ද සහභාගි වුහ.

 

  සහාධිපත්‍ය ත්‍රෛමාසික පුවත් පත එළිදකී

 පසුගියදා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් " සහාධිපත්‍ය"  ත්‍රෛමාසික පුවත්පතේ මංගල කළාපය ගරු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය,  විමල් වීරවංශ මහතා වෙත පිළිගන්වන ලදී.  මෙම පුවත්පත පිටපත් 25000 ක් මුද්‍රණය කරන අතර, කළමනාකරණ සංස්ථා සහාධිපත්‍ය දේපළ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම පුවත් පතේ ප්‍රධාන කාර්යය වේ.  එමෙන්ම මහල් නිවාස වාසීන්ගේ ලිපි,  නිර්මාණ කටයුතු එහි පළකිරීමට අවස්ථාව සළසා ඇත.

 මංගල කලාපය ඇමතිතුමා වෙත පිළිගැන්වීමේ උත්සවය අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති,  නීතිඥ කපිල ගමගේ, සාමාන්‍යාධිකාරී උපාලි උපවංශ ඇතුළු නිලධාරීන් ද සහභාගි විය .

 

සහාධිපත්‍ය නීතියට අදාල පනත් සංශෝධනය වේ  1973 අංක 10 දරණ පොදු පහසුකම් මණ්ඩල පනත 2003 අංක 24 දරණ පනතින් සංශෝධනය කරන ලදී. 1973 අංක 11 දරණ බද්ධ නිවාස අයිතිකම් පනත 1982 සහ 2003 වරෟසයේදී ද සංශෝධනය කළ නමුත්, එම දේපළවල කළමනාකරණ සංස්ථා පිහිටුවීමේ දී හා ඒවා නඩත්තු කිරීමේදී මතු වී ඇති ප්‍රායෝගික ගැටළුවලට විසදුම් ලබාදීම සදහා ගරු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් විවිධ අදාල පාරිභෝගිකයින්ගෙන් ලබාගත් අදහස් හා යෝජනා ඇතුලත් කර සංශෝධන ඇතුලත් කෙටුම් පත පසුගියදා ගරු ඇමතිතුමා වෙත පිළිගන්වන ලදී .

 

ඉහත ක්‍රියාකාරකම් වලට සමගාමිව අධිකාරියේ නිල වෙබ් අඩවිය වනwww.condominium.lk ද ගරු ඇමතිතුමාගේ සුරතින් දියත් කරන ලද අතර නවතම සහාධිපත්‍ය තොරතුරු ක්‍රම වේදයන් හා පුවත් මෙම වෙබ් අඩවිය හරහා ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. සහාධිපත්‍ය දේපළ මිළදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට ද මෙමගින් තොරතුරු ලබාගත හැකිවේ . කණ්ඩායම් හැගීමෙන් යුතුව ක්‍රියාත්මක කරවනු ලබන මෙම ක්‍රියාවලිය තුලින් අප අධිකාරිය බලාපොරොත්තු වනුයේ ශ්‍රි ලංකාවේ මහල් නිවාසයන්හි සහාධිපත්‍ය සංකල්පය නව්‍යතාවයෙන් යුතුව කාර්යක්ෂමව ක්‍රියාත්මක කර වීමටත් ඉන් ලැබෙන ප්‍රතිලාභ සමස්ත සහාධිපත්‍ය මහල් නිවාස වාසින් වෙත ලබා දීමත්ය මෙය මෙරට මහල් නිවාසයන්හි ප්‍රගමනය වෙනුවෙන් ප්‍රශස්ත කාර්යක් ඉටුකරනු ඇත . මේ සදහා ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් විරවංශ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා අමාත්‍යංශ ලේකම් ගෝඨාභය එන්.ජයරත්න යන මහත්වරුන්ගෙන් ද ලැබුනු සහය අප අගේ කොට සලකමු

 

 

 

 

 

 

 

 

 

 

 

 

Last Updated on Thursday, 19 May 2011 04:45