|
Written by Sampath
|
|
Saturday, 10 September 2011 16:50 |
|
ලෝක ජනාවාස දිනය සමරමු
1986 වසරේ සිට වාසස්ථාන මගේ අයිතියයි යන තේමාවෙන් ඇරඹි ලෝක ජනාවාස දිනය ඔක්තොම්බර් මස 03 වන සදු දින සමරනුයේ මෙක්සිකොවේදීය. මෙවර තේමාවේ පරමාර්ථය වනුයේ ලෝකයේ සෑම
නගරයකම වෙසෙන ජනතාවගේ නාගරික ජනාවාසකරණය අනාගතය සඳහා සුරක්ෂිත කිරීමය.
වසර 24ක් පුරා අඛණ්ඩව ලෝකයේ විවිධ රටවල විවිධ කාලීන තෙමාවන් ඔස්සේ ක්‍රියාත්මක වූ ලෝක ජනවාස දිනයේ මෙවර තෙමාව නගර හා කාලගුණික විපර්යාස යන්නයි.මෙහිදී 21 වන සියවසෙ අප මුහුණ දෙමින් සිටින ප්‍රබල අභියෝගයක් වන කාලගුණික විපර්යාස නගර සහ ඒවායේ වෙසෙන ජනතාවගේ ජනවාස හා ජීවන තත්වය කෙරෙහි කුමන අයුරකින් බලපානු ඇත්ද ඒ සදහා සාමූහික වශයෙන් අප කල යුත්තතේ කුමක්ද ? යන්න පිලිබඳව සාකච්ඡාවට බඳුන් වනු ඇත. මේ සඳහා ඉදිරි වසර 10 සිට 30 දක්වා කාලය ඇතුලත ඊට ගොදුරු විය හැකි නගරයන් අප විසින් හඳුනා ගත යුතුව ඇත තදාසන්න ලෙස මීට ගොදුරු වන නගර සදහා විසඳුම් අප විසින්ම සොයා ගත යුතුව ඇත. නො එසේනම් මෙහි අවසන් ප්‍රතිපලය වනු ඇත්තේ කාලගුණික විපර්යාස මගින් නාගරික ජනවාසකරණය හා නගර සංවර්ධනයන්ට මිණිය නොහැකි ලෙස හානි සිදුවීමයි. මෙම තත්වය නාගරික සැළසුම් කරණයේදී වඩාත් පරිසර හිතකාමී සැළසුම් ක්‍රියාත්මක කිරීම් තුලින් අවම කරගත හැක. පසුගියදා මීට සමගාමීව පැවති ලෝක ජනාවාස සමුළුවෙදී මෙරට ක්‍රියාත්මක නගමු පුරවර වැඩසටහන සම්බන්ධයෙන් ඉංජිනේරු සේවා ඉදිකිරීම් නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මහතා සිය දේශණයේදී කරුණු දැක්වු අතර එම සැලැස්මේ වු පරිසර හිතකාමී ඉදිකිරීම් සම්බන්ධයෙන් සමුළු නියෝජිතයන්ගේ දැඩි අවධානය යොමු විය . ඒ අනුව මින් පැහදිලි වනුයේ පරිසර හිතකාමී නගර හා නිවාස සංවර්ධනය කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම ලෝකයේ සෙසු රටවල්ද දරනු ලබන උනන්දුවයි.
ලෝකය අප සමගය . එහි වෙසෙන සෑම මානවයෙක්ම එකිනෙකාගේ මිතුරන්ය . එබවින් අප එකිනෙකා මුහුණ දෙන උපද්‍රවයකදී ඊට විසදුම් සොයා ගත යුත්තේ අප අපමය . අප සැවොම එක්ව මෙ සදහා පෙළ ගැසෙමු.
|
|
Last Updated on Sunday, 11 September 2011 02:36 |