Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

Notice
  • There was a problem rendering your image gallery. Please make sure that the folder you are using in the Simple Image Gallery plugin tags exists and contains valid image files.

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

PDF Print E-mail
Monday, 30 January 2012 03:30

සහාධිපත්‍ය නිවාස වාසීන්ගේ ගැටළු වලට විසදුම් සදහා අමාත්‍ය ජංගම සේවය අරඹයි


ඉදිකිරීම්,ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2012.01.22 වන දින කින්දවත්ත හා දෙහිවල රජයේ නිවාස ක්‍රමයන්හි අමාත්‍ය ජංගම සේවයක් පවත්වන ලදී.


සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ජංගම සේවය එම මහල් නිවාසයන්හි නිවාස වාසීන්ගේ පොදු අංගෝපාංග වල ගැටළු විසදා ගැනීම සදහා මහත් පිටුවහලක් විය.


අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන මහල් නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ මෙමගින් දෙහිවල මහල් නිවාස ක්‍රමයේ නිවාස 54 කටත් , කින්දවත්ත නිවාස ක්‍රමයේ නිවාස 38 කටත් සෙත සැලසෙනු අත.  
මෙහි මුඛ‍්‍ය පරමාර්ථය වනුයේ මහා පරිමාණ ප්‍රතිසංස්කරණයන් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මගින් නිමකර ජනතා අයිතියට පත් කල පසු ඒවායේ කළමනාකරණ සංස්ථා ඉන් ඉදිරියට විධිමත්ව පවත්වාගෙන යාමයි. මේ සදහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය නිරතුරුවම ඔවුනට සහය දක්වන අතර අධිකාරිය මගින් කළමනාකරණ සංස්ථා බලගැන්වීමේ ස්ව‍යං සවිය ව්‍යාපෘතිය යටතේද එකී කළමනාකරණ සංස්ථා සදහා ආදායම් උපදවා ගැනීමේ මාර්ග හදුන්වා දේ.


මෙය සහාධිපත්‍ය මහල් නිවාස වාසීන්ගේ නොමද පැසසුමට ලක්වූ දැනට රත්මලාන සොයිසාපුර මහල් නිවාස ක්‍රමයේ සාර්ථක ලෙස ක්‍රියාත්මක ව්‍යාපෘතියකි.


අමාත්‍ය ජංගම සේවයේදී එම මහල් නිවාසවාසීන් ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගත් අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා ඔවුහු මුහුණ පාන ප්‍රධාන ගැටළු සදහා විසදුම් සැපයීය.ඒ අනුව දෙහිවල , කින්දවත්ත නිවාස ක්‍රමයන්හි වහල ප්‍රතිසංස්කරණය, මායිම් තාප්ප ,  වැහිපීලි හා වැහිබට  ,  ප්‍රධාන ජල ටැංකි ,   සිවිලිම  අළුත්වැඩියාව , ගොඩනැගිලි වර්ණාලේපය  යන ප්‍රතිසංස්කරණයන් කරදීමට නියමිතය.


මාස 06 ක් ඇතුලත වැඩ අවසන් කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය සදහා ජනසෙවණ නගමු පුරවර වැඩසටහන යටතේ රුපියල් මිලියන  10 ක ප්‍රතිපාදන සලසා ඇත .


මෙම අවස්ථාව සදහා දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී සමිත රාජපක්ෂ , සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ , සාමාන්‍යාධිකාරි ජී.යු.උපවංශ , ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි බ්‍රිගේඩියර් ඒ.එල්.එස්.කේ.පෙරේරා යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

{gallery}Jangamaseva{/gallery}

Last Updated on Monday, 30 January 2012 05:38
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05