Home News Latest දේපළ සංවර්ධක හමුවේ

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

දේපළ සංවර්ධක හමුවේ PDF Print E-mail
Written by Administrator   
Wednesday, 19 November 2014 06:51

සහාධිපත්‍ය දේපළ සංවර්ධක හමුවේ ගැටළු වලට විසඳුම් ලබාදීමට රාජ්‍ය මැදිහත්වීමක්


ලෝක ජනාවාස දිනයට සමගාමීව පවත්වනු ලබන සහාධිපත්‍ය දේපළ හමුව මෙවරත් 2014.10.24 වන දින කොළඹ සිනමන් ලේක් හෝටලයේදී දේශීය හා විදේශීය ප‍්‍රමුඛ පෙළේ සහාධිපත්‍ය දේපළ සංවර්ධක සමාගම් 25 ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්  පැවැත්විණ . මෙම සංවාද මණ්ඩපයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඉදිකිරීම් , ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතායි .


එතුමා සභාව අමතා කියා සිටියේ   “ දේපළ සංවර්ධකයින් එකට එකතු කරලා ඒ අය මුහුණ දෙන ගැටළු ඊට අදාල රාජ්‍ය ආයතන වල නිළධාරින් සමඟ සාකච්ඡා කරන්න ලැබීම ගැන මං හිතන්නෙ තමුන්නාන්සෙලාගේ පැත්තෙන් ඉතා වැදගත් අවස්ථාවක් . ඒ මගින් අපට හැකියාව ලැබෙනවා අවධානයට ලක් නොවුන ප‍්‍රශ්ණ කෙරේ අවධානයට ගන්න . මමත් මේ අමාත්‍ය ධූරයට පැමිණ දැන් අවුරුදු 03 කට වැඩි කාලයක් ගත වුනා . තමුන්නාන්සෙල මේ විධිහට මුණ ගැහෙන්න ලැබුනෙ මේ අවස්ථාවේදී . ඊට කලින් හම්බ වෙලා තිබුනත් මේ විධිහෙ ගැටළු කථා කරන මණ්ඩපයකදී මේ විධිහට මුණ ගැභෙන්න ලැබුනෙ මේ අවස්ථාවේදී .
සමහර ඔබ ඉදිරිපත් කළ ප‍්‍රශ්ණ රජයක් හැටියට ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත් තීරණායකයන්ට ගත යුතු යම් වෙනස්කම් කීපයක් කළ යුතුව තිබෙනවා . ඒ වෙනුවෙන් අපි සාධාරණ අදහස් නියෝජනය කරන්න තමුන්නාන්සෙලා ඉදිරිපිට සහතික වෙනවා . ඒ වගේම සමහර ප‍්‍රායෝගික කි‍්‍රයාවලීන්  තුල තිබෙන අඩුපාඩුකම් නිසා ඇති වෙන ප‍්‍රශ්ණ . ඒවා අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ බැදිලා තිබෙන්නෙ. මං හිතනවා ඒ ප‍්‍රශ්ණ අපට ඉතා ඉක්මනින් විසඳගන්න පුළුවන් කියලා . ඉන් සමහර සමහර ඒවා  විසඳා දීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඒ ඒ අමාත්‍යතුමන්ලා හා අමාත්‍යාංශ ලේකම්තුමන්ලා මගින් ඒ සාකච්ඡාව ආරම්භ කරන්න . ඒ විධිහට අපට පුළුවන් වෙයි ඉතුරු ගැටළු විසඳගන්න .
අද අපේ රටේ ආර්ථික වර්ධන වේගය 8% ක් තියන රටක් හැටියට මේ වර්ධන වේගය ඇතුලේ සේවා ආර්ථිකය විශාල වශයෙන් ප‍්‍රසාරණය වෙනවා , ප‍්‍රධාන වශයෙන්ම සේවා ආර්ථිකය . එතනදී දේපළ සංවර්ධකයින් කියන්නේ විශාල වශයෙන් රටේ ආර්ථික කි‍්‍රයාවලිය ඇතුලේ සජීවී කි‍්‍රයාකාර්ත්වයක යෙදෙන උදවිය . ඒ අයගේ ඒ කර්තවය සඳහා තිබෙන සාධාරණ ප‍්‍රශ්ණ පිළිබඳව සොයා බැලීම , ඒවාට විසඳුම් සැපයීම , විශය භාර අමාත්‍යවරයා හැටියටත් අපේ අමාත්‍යාංශය හැටියටත් අප සියළු දෙනාගේ වගකීමක් . සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වගකීමක් .
අපේ තනතුරට පහලින් ඔබේ සේවක කියලා ලියවෙන නිසා,  අපේ තනතුරට පහලින් අත්සන් කරණ කොට මීට හිතවත් ජනතා සේවක කියලා ලියවෙන්නෙ ඒ  නිසා . ඒක යථාර්ථයක් බවට පත්කරන්න  තමුන්නාන්සේලාගේ ගැටළු ඔබ සියළු දෙනා සමඟ එකට එකතු වෙලා කථා කරන්න අප සූදානම් . කථා කරලා විතරක් මදි ඒ ගැටළු ප‍්‍රායෝගිකව විසදන්න අපි සූදානම් නම් විතරයි එය  සැබෑවක් වෙන්නෙ . ඒක එභෙම නොවෙයි නම් සැබෑ ලෙසම තමුන්නාන්සේලාගේ සේවකයෙක් හැටියට අපිව හඳුන්වගන්න පුළුවන් වෙන්නෙ නෑ .
මේ වන විට අපට පුළුවන් වෙලා තිබෙනවා අපේ රටේ ඉදිකිරීම් ක්ෂෙත‍්‍රයේ තිබුන බැරෑරුම් අවශ්‍යතාවයක් සපුරාලන්න . ජාතික ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පණත සම්මත කර ගන්න අවුරුදු 16ක උත්සහයක ප‍්‍රථිපලයක් හැටියට . ඒ වගේම නිවාස ක්ෂෙත‍්‍රයට අපට පුළුවන් උනා මේ අවුරුදු 03 ඇතුලත දරපු උත්සහයක ප‍්‍රථිපලයක් හැටියට ජාතික නිවාස ප‍්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා රටට ඉදිරිපත් කරන්න . ඒ වගේම ඒ නිවාස ප‍්‍රතිපත්තිය අනුමත කරලා දින 14 ක කාලයක් ඇතුලත ඊට අදාල කි‍්‍රයාකාරී සැලැස්ම ප‍්‍රකාශයට පත් කරන්න . ඒ වගේම අද මේ වන විට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය හා බැඳුණු පනත සංශෝධනය කිරීමේ කියාවලිය ආරම්භ කර තිබෙනවා . එහි කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා . ඒ අනුව බැලූවම අණපනත් පැතිවලින් සහ ප‍්‍රතිපත්තිමය වශයෙන්  ගතයුතු තීන්දු තීරණ වල  පැතිවලින් කාලයක් තිස්සේ අවධානයට ලක් නොවුන විශාල කාර්ය භාරයක් මේ කාලය ඇතුලත අංග සම්පූර්ණ තත්වයකට ගේන්න අපට පුළුවන් උනා. ඒක අපි හිතනවා මේ ක්ෂෙත‍්‍රවල වර්ධනය වෙනුවෙන් ඉතා අත්‍යවශ්‍ය පදනම සැකසීමක් හැටියට. අපි ඒක විශ්වාස කරනවා .
ඒ වගේම මෙතනින් ඉදිරියටත් මේ ක්ෂෙත‍්‍රයේ ප‍්‍රගතිය සඳහා. මං හිතනවා අද අපේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය වෙලා තියෙන ප‍්‍රමාණය දිහා බැලූවම ඒ වගේම මධ්‍යම පන්තිය ප‍්‍රසාරණය වෙන ආකාරය  දිහා බැලූවම කොලඹ පමණක් නෙවෙයි ඒ වගේම තව තදාසන්න නාගරික පෙදෙස්වල මේ සහාධිපත්‍ය දේපළ සංවර්ධන විය යුතුව තිබෙනවා . තනි මහල් , තනි නිවාස කරණය කියන්නෙ අපේ රටේ භූමි ප‍්‍රමාණය බැළුවම ක්‍රමානකූලව අභාවයට යන කි‍්‍රයාවලියක් බවට පත්විය යුතුව තිබෙනවා . ඒ තැන සහාධිපත්‍ය දේපළ විසින් ගත යුතුව තිබෙනවා . ඉතින් ඒ නිසා ඒ ප‍්‍රවණතාවය වර්ධනය කරන්න තමයි රජයක් හැටියට යටිතල පහසුකම් සංවර්ධනය නගරයට පමණක් සීමා නොකොට ගම කරා අරගෙන ගිහින් තිබෙන්නෙ . තවදුරටත් අරගෙන යමින් තියෙන්නෙ . ඒ වගේම නගරයට ඇදෙන ප‍්‍රවනතාවය මේ කලාපයේ අඩුවෙන්ම තියෙන්නෙ ලංකාවේ 4% යි වේගය ගමෙන් නගරයට ඇදෙන ප‍්‍රමාණය  . ඒකෙන් ඔබලාට කියලා අවස්ථාවක් තියනවා .  මේ අධි නාගරික ප‍්‍රදේශතුල පමණක් නෙවෙයි නාගරික හා උප නාගරික ප‍්‍රදේශවලත් මේ දේපළ සංවර්ධනයට ඉතා ඉහල අවස්ථාවක් ක‍්‍රමානකූලව ගොඩනැගෙමින් පවතිනවා . නව වෙලෙඳ පොල අවස්ථා උදා වෙලා තියනවා . ප‍්‍රයිම් ලෑන්ඞ් ආයතනය පලමු වතාවට මහනුවර සහාධිපත්‍ය නිවාස යෝජනා ක‍්‍රමයක් ආරම්භ කලා . ඉතින් ඒ ප‍්‍රවනතාවය දැන් දැන් ක‍්‍රමානුකූලව අපි නගර සහ උප නගර වලට අරගෙන යන්න ම්න . අධි නාගරික කොලඹට පමණක් සීමා වෙන්නෙ නැතිව ඒ ප‍්‍රවනතාවය වැඩිදියුණු කරන්නයි අපේ අවශ්‍යතාවය . ඒකට තියෙන බාධාවන් ඉවත් කරන්නයි අපේ අවශ්‍යතාවය . සාධාරණව බලලා ඔබේ සියළු සාධාරණ ඉල්ලීම් ඉටුකරන්න බැදී සිටිනවා “  යනුවෙනුයි . .
මෙම ගැටළු සඳහා සාධාරණ විසඳුම් ලබා දීම සඳහා හා දේපළ සංවර්ධකයින්ගේ ගැටළු සඳහා පිළිතුරු සැපයීමට  නාගරික සංවර්ධන අධිකාරිය , කොළඹ මහ නගර සභාව , ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය , ලංකා විදුලි බල මණ්ඩලය මිනුම්පති දෙපාර්තමේන්තුව , ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය , ඉදිකිරීම් අභ්‍යාස ආයතනය , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යන සිවිල් ගුවන් සේවා අධිකාරිය , ඉඩම් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව  , දෙහිවල මහ නගර සභාව , නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව කඩුවෙල මහ නගර සභාව ,  ශ‍්‍රී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය , ගිනි ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව ,ගම්පහ මහ නගර සභාව යන  ආයතනයන් හි ජ්‍යෙෂ්ඨ නිළධාරින් මේ සඳහා සහභාගි වූහ .
එමගින් ක්ෂෙත‍්‍රයේ පවත්නා ගැටළු හඳුනාගෙන ඒ සඳහා රාජ්‍ය මට්ටමින් ඒවාාට විසඳුම් ලබා දීමට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සිදුකල මැදිහත් වීම සහාධිපත්‍ය ක්ෂෙත‍්‍රයේ උන්නතිය සඳහා බෙභෙවින් වැදගත් වන බැව් මේ සඳහා සහභාගි වූ දේපළ සංවර්ධක සමාගම් හි නිලධාරින් සිය අදහස් දක්වමින් පවසා සිටියහ . තවද මෙම සංවාද මණ්ඩපය වර්ණවත් අයුරින් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා හා දේපළ සංවර්ධක සමාගම්හි නියෝජිතයින් සිය විශේෂ ස්තුතිය සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට පිරිනැමීය .
තවද මෙම සංවාද මණ්ඩපය සඳහා ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , අමාත්‍යාංශ ලේකම් පී.එච්.එල්.විමලසිරි පෙරේරා , කොළඹ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන , නිවාස හා සංවර්ධන අතිරේක ලේකම් කේ.ඒ.තිලකරත්න , සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ , සාමාන්‍යාධිකාරි ජී..යූ.උපවංශ යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වූහ .

Last Updated on Wednesday, 19 November 2014 06:53
 
Copyright © 2024 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner