Home News Latest නිදන් අරමුදල

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

නිදන් අරමුදල PDF Print E-mail
Written by Administrator   
Monday, 13 September 2021 07:31

කළමනාකරණ සංස්ථා විසින් නිදන් අරමුදලින් වියදම් දැරීම සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ එකඟතාවය ලබා ගැනීමේ ක්‍රියාවලිය.

 

 

 

පළමු පියවර

නිදන් අරමුදලෙන් වියදම් දැරීම සඳහා කළමනාකරණ සංස්ථාව විසින් අධිකාරිය වෙත පහත සඳහන් කරුණු සහිත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය.

  • නිදන් අරමුදල භාවිතා කිරීමට බලාපොරොත්තු වන කාර්ය ස්වභාවය.
  • නිදන් අරමුදලේ හා සාමාන්‍ය අරමුදලේ දැනට පවතින ශේෂයන්.
  • නිදන්ගත අරමුදලෙන් දැරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය හා නිවාස හිමියන් විසින් දැරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය.

 

දෙවන පියවර

කළමනාකරණ සංස්ථාව විසින් ඉදිරිපත් කල ඉල්ලීමට අදාළව එය නිදන් අරමුදලෙන් දැරිය යුතු වියදමක්ද නැද්ද යන්න තහවුරු කරගැනීමට හා වියදම් දැරීමට නියමිත කාර්යයේ ස්වභාවය තහවුරු කරගැනීම සඳහා අධිකාරිය විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකරනු ලැබේ.

 

තෙවන පියවර

එම තාක්ෂණික වාර්තාවෙන් අදාල කාර්යය නිදන් අරමුදලෙන් දැරිය නොහැකි වියදමක් බව අධිකාරියට තහවුරු වුවහොත්, අධිකාරිය විසින් කළමනාකරණ සංස්ථාව වෙත හැකි ඉක්මනින් දැනුම් දෙනු ලබයි.

 

සිව්වන පියවර

එම තාක්ෂණික වාර්තාව අනුව, අදාල කාර්යය නිදන් අරමුදලෙන් දැරිය හැකි වියදමක් නම්, පහත සඳහන් පරිදි කළමනාකරණ සංස්ථාව ක්‍රියා කල යුතු අතර ඒ සඳහා පහත නිර්දේශ සහිත ලිපියක් අධිකාරිය විසින් කළමනාකරණ සංස්ථාව වෙත යොමු කරනු ලබයි.

 

  • අධිකාරියේ තාක්ෂණික වාර්තාව පදනම් කරගෙන ප්‍රමුඛතාවය හඳුනාගනිමින් අවම ඇස්තමේන්තු 3ක් කැඳවීම.
  • අධිකාරියේ තාක්ෂණික වාර්තාවට අනුව, වරලත් ඉංජිනේරු උපදෙස් වාර්තාවක් හෝ (Expert Report), තාක්ෂණික ඇගයීම් වාර්තාවක් (Technical Evaluation Report) ලබා ගත යුතු බවට නිර්දේශ කර ඇත්නම් එම වාර්තා ලබාගැනීමටත්, එම වාර්තා පදනම් කර ගනිමින් අවම වශයෙන් ඇස්තමේන්තු 3ක් කැඳවීම.

 

පස්වන පියවර

ඒ අනුව, කළමනාකරණ සංස්ථාව විසින් ඉහත තොරතුරු අධිකාරිය වෙත ඉදිරිපත් කල වහාම එම තොරතුරු පදනම් කරගනිමින්, අදාළ හදිසි වියදම සඳහා,

  • නිදන්ගත අරමුදලෙන් දැරිය හැකි මුදල් ප්‍රමාණය 75% ක උපරිමයකට යටත්ව භාවිතා කිරීමට අවසරය ලබාදීම ( උපරිම රුපියල් අගය හෝ උපරිම ප්‍රතිශතය )
  • නිවාස හිමියන් විසින් දැරිය යුතු මුදල් ප්‍රමාණය ( අවම රුපියල් අගය හෝ අවම ප්‍රතිශතය)
  • වැඩිදුර නීතිමය හා තාක්ෂණික උපදෙස්.
  • එම කරුණු වලට යටත්ව හා අනුකූලව පමණක් විශේෂ යෝජනා සම්මතයක් හෝ පොදු යෝජනා සම්මතයක්, වාර්ෂික මහ සභා රැස්වීමක් හෝ අති විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා එහිදී සම්මත කරගැනීම.
  • එම යෝජනා සම්මතය දින 30ක උපරිමයකට යටත්ව අධිකාරිය වෙත යොමු කිරීම.

යන කරුණු ඇතුලත් කොට අධිකාරිය විසින් කළමනාකරණ සංස්ථාව වෙත නිර්දේශ ලිපියක් නිකුත් කරනු ලබයි.

 

 

 

 

හයවන පියවර :

සම්මත වූ යෝජනා සම්මතය කළමනාකරණ සංස්ථාව විසින් අධිකාරිය වෙත ඉදිරිපත් කල වහාම අධිකාරියේ නිර්දේශ අනුව යෝජනා සම්මතය සිදුවී ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව අධිකාරියේ එකඟතාවය ලබාදීමට අදාළ ලිපිය නිකුත් කරනු ලබයි.

 

කෙසේ වුවද අප අධිකාරිය නිධන්ගත අරමුදලෙන් 75% ක උපරිමයකට යටත්ව පමණක් අනුමැතිය ලබාදීම සිදු වේ.

 

 

 

                                                                                                           

 

 

 

 

Last Updated on Monday, 13 September 2021 07:37
 
Copyright © 2025 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner