Home News Latest mc Implement

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

mc Implement PDF Print E-mail
Written by Administrator   
Monday, 28 November 2011 05:08

කලමනාකරණ සංස්ථාව පිහිටුවා ගැනීම


සහාධිපත්‍ය දේපළක පොදු අංගෝපාංග නඩත්තු කිරීම ඒකක අයිතිකරුවන් විසින් පිහිටුවා ගනු ලබන සංගම් හෝ මණ්ඩල විසින් සිදුකළ යුතු බවට 1973 අංක 11 දරණ බද්ධ නිවාස අයිතිකම් පනතේ 16 වන වගන්තිය තුලින් හදුන්වා දී ඇත. ලියාපදිංචි කරන ලද සහාධිපත්‍ය දේපලක සියළුම අයිතිකරුවන් විසින් එහි දේපළට අයත් පොදු අංගෝපාංග පාලනය කිරීමේ , කලමනාකරණය කිරීමේ , නඩත්තු කිරීමේ හෝ පරිපාලනය කිරීමේ කාර්ය‍ය සදහා ඔවුන්ගේ සංගම් හෝ මණ්ඩල පිහිටුවා ගැනීම නිත්‍යානුකූල විය යුතුය.


මේ තුලින් සහාධිපත්‍ය දේපලක පොදු අංගෝපාංග නඩත්තු කර පවත්නා ගැනීමේ ප්‍රායෝගික ගැටළු මතු වූ අවස්ථාවලදී විසදුම් ලබා දීමට 1973 අංක 11 දරණ බද්ධ නිවාස අයිතිකම් පනතේ විධිවිධාන ප්‍රමාණවත් නොවූ බැවින් , ඊට පිළියමක් ලෙස 1982 අක 45 දරණ බද්ධ නිවාස අයිතිකම් (සංශොධන ) පනතේ 20 වන වගන්තිය තුලින් සහාධිපත්‍ය දේපළක පොදු අංගෝපාංග පාලනය කිරීම සහ නඩත්තු කර පවත්වා ගෙන යාම සදහා " කළමනාකරණ සංස්ථාව " හදුන්වාදෙනු ලැබීය. මෙසේ හදුන්වා දුන් කලමනාකරණ සංස්ථාවේ සංයුතිය , කළමනාකරණ සංස්ථාවල කාර්ය භාරය ආදිය මෙම පනතේ 20 වන වගන්තිය තුලින් ඉතා පැහදිලිව විස්තර කර ඇත.
ඒ අනුව සහාධිපත්‍ය පිඹුර ලියාපදිචි කරනු ලබූ විට , මෙම පනත ප්‍රකාර ඒකකවල අයිතිකරුවන් අඛන්ඩ පැවත්මක් සහ පොදු මුද්‍රාවක් සහිත සංස්ථාගත මණ්ඩලයක් වන අතර , එය " කලමනාකරණ සස්ථාව " වශයෙන් හදුන්වනු ලැබේ.


කලමනාකරණ සංස්ථාව විසින් එළබෙන ලද යම් ගිවිසුමක් මත යම් ගිවිසුමක් මත එය විසින් සහ එයට විරුද්ධව නඩු පැවරීමට හැකිය . තවද , සහධිපත්‍ය දේපලේ පොදු අංගෝපාංගවලට බලපාන යම් කරුණක් සම්බන්ධයෙන් කළමනාකරණ සංස්ථාව විසින් සහ ඊට විරුද්ධව නඩු පැවරීමටද බලය ලබාදී ඇත . සියළුම ඒකක අයිතිකරුවන් එක්ව බෙදී ඇත්තේ යම් සහාධිපත්‍ය දේපළක් සම්බන්ධයෙන් ද වූ යම් කරුණක් සම්බන්ධයෙන් කලමනාකරණ සංස්ථාවට විරුද්ධව නඩු පැවරීමේ බලය ඒකක අයිතිකරුවන් වෙත ද නීතියෙන් බලය ලබා දී ඇත .


කළමනාකරණ සංස්ථාව සහාධිපත්‍ය කලමනාකරණ අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර දැනට එවැනි ලියාපදිංචි වූ කලමනාකරණ සංස්ථා විශල ප්‍රමානයක්  ඇති අතර පෞද්ගලික අංශය මෙන්ම රජය විසින්ද සංවර්ධනය කර ඇති සහධිපත්‍ය දේපළ සම්බන්ධයෙන් ගොඩනගා ගෙන ඇති කලමනාකරණ සංස්ථාද වෙයි .

Last Updated on Monday, 28 November 2011 05:36
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner