සෙවනට රැකවරණය ජනසෙවණ
සහධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පූර්ණ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කරන ලද ලක්ෂ 250 ක වියදමකින් ප්රතිසස්කරණය කෙරුන නිවාස ඒකක 316 කින් යුත් බොරල්ලේ සර්පන්ටයින් නිවාස සංකීර්ණය 2011
දෙසම්බර් 31 වන දා ඉදිකිරීම් , ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා අතින් ජනතා අයිතියට පැවරින .
වසර 45 කින් අලුත්වැඩියාවකට ලක් නොවූ මෙම නිවාස සංකීර්ණය ජනසෙවණ වැඩසටහන යටතේ ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ යෝජනාවකට අනුව නගමු පුරවර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ මෙහි ව්‍යාපෘති මෙහෙයුම භාරව ක්‍රියාකලේ සහාධිපත්‍ය කලමනාකරණ අධිකාරියයි. 2011.05.12 වන දින සමාරම්භය සනිටුහන් කල මෙම ව්‍යාපෘතිය නියමිත ඉලක්ක සපුරාලමින් උනන්දුව හා කැපවීම නිසා 2012 නව වසරට පෙරදිනය වූ 2011.12.31 වන දින ජනතා අයිතියට පත් කරන්නට ලැබීම අප ලද අභියෝගයන් ජයගැනීමකි .
ප්‍රධාන ආරාධිත ඉදිකිරීම් , ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සමරු ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව පැමින සිටි ආරාධිත අමුත්තන් හා එක්ව ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව මගුල් බෙර වාදන මධ්‍යයේ උත්සව ශාලාව වෙත කැදවාගෙන යන ලදී. මෙහිදී ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා හා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මැතිතුමා සමග ප්‍රතිසංස්කරණයන් නිරීක්ෂණය කරන ලදී.
ඉන් අනතුරුව ආරධිත සැමත් , මහල් නිවාස වාසීනුත් පිළිගැනීම සදහා වූ කථාව සහාධිත්‍ය කලමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ මහතා විසින් පැවත්වූ අතර මෙම මහල් නිවාසය ප්‍රතිසංස්කරණය ආරම්භක දිනයේ වූ පොරොන්දුවක් සම්බන්ධයෙන් එම මහල් නිවාස වාසීන්ගේ මතකය රැගෙන යන ලදී.
" අප එදින පොරොන්දු වූ පරිදි අප රජයේ ආයතනයක් ලෙස අපගේ වගකීම වගකීමක් ලෙස මැනවින් ඉටු කර තිබෙනවා.එහෙත් මහල් නිවාස වාසීන් ලෙස ඔබ එකගතාවයකට ආ පරිදි නිසි ලෙස කලමනාකරණ සංස්ථා පිහිටුවාගෙන සක්‍රිය ලෙස ඒවා පවත්වාගෙන නොයන බව පෙනෙන්නට තිබෙනවා . එය කණගාටුවට කරුණක්. ඔබගේ සහය මින් ඉදිරියට කළමනාකරණ සංස්ථා වලට නොලැබුනහොත් එය මහල් නිවාස සංකීර්ණයේ නඩත්තුවට මහත් බාධාවක්. "
මහා පරිමාණයෙන් මෙවන් වූ ව්‍යාපෘති සදහා මුදල් වැයකර මෙම නිවාසක්‍රම නඩත්තුව රජයකට සෑම විටම කල නොහැකි කාර්යයක් බව මහල් නිවාසවාසී ජනතාව දැඩි ලෙස අවධානය යොමු කල යුතු වූ කරුණකි. එබැවින් මේ සදහා කළ යුතු වූ හොදම කාර්යය ඔබ නිවාස ක්රමයේ කලමනාකරණ සංස්ථා නිසි පරිදි ස්ථාපිත කර එහි සක්‍රිය සාමාජිකයෙකු වීමයි. නො එසේනම් නැවතත් නිසි නඩත්තුවක් නොමැතිවීම නිසා මෙම මහල් නිවාසවල ජීවත්වීම අන්තරායකර වීමේ වගකීමට ඇගිල්ල ඔබ ඔබ දෙසටම දිගුකර ගත යුතුය .
කොළඹ නගර සභා ගරු නාගරික මන්ත්‍රී , ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ එම්.එම්.මුසම්මිල් මැතිතුමාද මෙහි වැදගත්කම අවධාරනය කල අතර ඉන් අනතුරුව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , බොරැල්ල ශ්‍රී.ලං.නි.ප. සංවිධායක තිලංග සුමතිපාල මැතිතුමා ද අදහස් දක්වමින් කියා සිටියේ මෙය පවත්වාගෙන යාම හා රැකගැනීම මහල් නිවාස වාසීන්ගේ වගකීම බවයි.තවද මෙය ආදර්ශ සහාධිපත්‍ය දේපළක් බවට පත් කරලීමටද අදහස් කරන බැව් දන්වා සිටීය.
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මගින් මෙහි මූලික සැලැස්මේ නොතිබූ ආදර්ශ සහාධිපත්‍ය දේපලක තිබිය යුතු වූ අංගයක් වන කලමනාකරණ සංස්ථා සදහා වූ කාර්යාල ගොඩනැගිල්ලක්ද ඉදිකරවා එදින එය ජන අයිතියට පත් කරන ලදී. මෙය දිරිමත් කිරීම සදහා සහාධිපත්‍ය ක්ෂෙත්රයේ නියාමන අධිකාරිය ලෙස අප ගත් ක්‍රියාමාර්ගයක්ද වේ. අවසන් වශයෙන් ඉදිකිරීම්,ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යතුමා ජනතාව අමතමින් කියා සිටියේ අගනගරයේ සිදුවෙමින් පවතින දවැන්ත සංවර්ධන ක්‍රියදාමයට සමගාමීව එකී සංවර්ධනයේ පිලිඹිබුවක් ලෙසද මෙම මහල් නිවාස ප්‍රතිසංස්කරණය දැක්විය හැකි බවයි. මෙම නිවාස සංකීර්ණය සංවර්ධනය කිරීම නිසා මේ සදහා දැවන්ත වටිනාකමක් එක් වන අතර එහි ප්‍රතිලාභද නිවාස වාසීන් සතු වන බව ද පැවසීය.
" දකුණු ආසියාවේ දෙවන වේගවත්ම ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යන අප මේ මහල් නිවාස ඔබට භාර දුන් අයුරින්ම පවත්වාගෙන යනු දැක්ම අපේ අභිප්‍රායයි. එය ඔබ සතු යුතුකමක්ද , වගකීමක්ද වෙනවා . එය අපේ අනාගතය භාරගන්නට ඉන්න දුවා දරුවන්ට ආදර්ශයක් වනු ඇති . ඒ නිසා ජාති , ආගම් බේද නොසලකා තමන්ගේ උපරිම දායකත්වය කලමනාකරණ සංස්ථාවට ලබා දෙන්න. එය ඔබ රටටත් , ඔබටත් , කරන සේවාවක් . "
මෙම දැවන්ත කාර්යය සාර්ථක කර ගැනීම සදහා උරදුන් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ මහතාටත් සාමාන්‍යාධිකාරි ජී.යූ.උපවශ මහතාටත් එම ඉලක්ක ජය ගැනීම සදහා දැඩි කැපවීමක් කල සහකාර සාමාන්‍යාධිකාරි( මෙහෙයුම්/නඩත්තු ) ජේ.ඩී.එන්.චන්ද්‍රපාල මහතා ඇතුළු ඔහුගේ කාර්යය මණ්ඩලයටද , එම කටයුතු නිසි කලට ඉටුකර දුන් කොන්ත්‍රාත් සමාගම් වලටද අපගේ නොමද ස්තුතිය පිරිනමමු. මෙම අවස්ථාව සදහා ඉදිකිරීම්,ඉජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්යාශයේත් , ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීහු රැසක් සහභාගි වූහ.
|